Sunday, September 13, 2009

තාත්තාගේ මරණය

තාත්තා ගේ මරණය කවිපංතිය රසවීදීම


කොළඔ යුගයේ අග භාගයේ කිවිඳුන් අතර අද්ව‍ීය ලේඛකයෙකු ලෙස විමල් දිසානායක කවියා හැදින්විය හැක. මෙතුමා විසින් නිර්මාණය කරන පද්‍යනිසදැස් කාව්‍ය පෝෂණය විෂයෙහි අපරිමිත සේවයක් ඉටුකරන ලදි. මෙතුමා විසින් රචනා කරන පද්‍ය වල දැකිය හැකි ලක්ෂණයක් වන්නේ සරළ සුගම බසත් ව්‍යංගාර්ථ බවත් සංකේත සංකල්ප රෑප මගින් ර‍ෑපකාර්ථ මැවීමත් . තවද මෙතුමා තම කව්‍ය සදහා ඉංග්‍රීසි කාව්‍ය සම්ප්‍රදායද ඇසුරැ කල බව ප්‍රකට ‍කරැණකි. මෙතුමා විසින් රචනා කරන ලද තවත් එක් කවිපංතියකි පහත සදහන් කවිපංතිය.

එම කවි පංතිය අපි මෙසේ රසවිදිමු


ගන අඳුරෙහි මැනිකක් සොයන ලෙස
තාත්තාගේ සිරුරෙහි
හුස්ම කළඳක්
කොහේ හරි සැඟවී ඇත්දැයි
සොයා බලන තුරු දොස්තර
බිය පත් වු නෙත් දල්වා
බලා සිටිමු නිහඩව අපි

මෙම පද්‍ය ඛණ්ඩය මගින් කියවෙන දේ කුමක් දැයි විමසා බලමු.

අසනීප වු තම පියා මිය ගිය අවස්ථ‍ාව හා කවියා ඊට මුහණ දෙන අන්දම කියනු පිණිස තාත්තාගේ මරණය නැමති නිර්මාණය මගින් ඉදිරිපත් කරයි.

තම පියා අසනිප වීමෙන් පසු රෝහලට ගෙනයන ලද බව හා රෝහලේදී ‍ෙවෙද්‍යවරයා විසින් පියාගේ ජීවිතය බෙරා ගැනීමට දරනා උත්සහය ‍හා එම උත්සහය අඩපන වන ආකාරයත්.දරුවන් ඇඳවටා බලා සිටියදීම තම පියා මියගිය අයුරු ප්‍රකට කරයි.කවියා කථකයා බවට පත්ව ලැබු අත්දැකිමක් ඉතාපත් සියුම් ලෙසවස්තු විෂය කරගනිමින් සංවේදී ලෙස සර්ථකව අප තුලටද මෙකී ශෝකාන්තය දැනෙන්නට ඉදිරිපත් කරයි පියාගේ මරණය යන්න සෘජුව කවියා නොකීවද සිදු වු අයුරැ මතු කරන සංකේත සංකල්ප රූප හා උපමා ආදී භාෂ‍ාවන් තුලින් අප තුල ජනිත වේ. දක්ෂ කවියා තමා කියන දේසෘජුව නොකියයි. එය පඨකය‍ාට විදගන්නට ඉඩ කඩ සැලසීම පමණක් කරයි.



දොස්තර මහතා විසින් තම පියගේ ජීවීතය ‍ෙබ්රා ගැනීමට දරනා උත්සහය ගන අඳුරෙහි මැනිකක් සොයනා ලෙස යන වැකිය මගින්
හා සොයාබලන තුරු දොස්තර යන වදන් තුලින්