Sunday, October 4, 2009

තාත්තා ගේ මරණය


එතුමාගේ උත්සහය කෙතරම් දැයි සනථ වෙයි.එම අවස්ථාවේ දරැවන් බිය පත්ව බලා සිටින අයුරැ කවියා කවියට නගා ඇත.


සැඩ සුළගක‍ට හසු වු
ලා දල්ලක් සේ
රැයේ හදවත
සැලෙමින් ඇත

තවද දරැවන් හා කවියා පියාගේ ඇදවටා සිට බලා සිටින අයුරැ ප්‍රකාශ කරන්නේ
“සැඩ සුළගකට හසු වු ලා දල්ලක් සේ” යන වදනින්ය.මෙයින් කීමට උත්සහ දරන්නේ දරැවන් තුල පියා ගේ මරණය පිලිබද ඇති කම්පනයයි.එයට යොදා ගත් උපමාවයි. මෙය පඨකයා තුලද කම්පනයක් ඇති කරයි.

කන්දක් මෙන් නිසංසලය
තැති ‍ෙගන ගල් ගැසිලා ඇත
සෙමින් සෙමින් දොස්තර හිස ඔසවා
ඇද වටා රැස්වු අප දෙස බැලුවා
ශෝකය හැඩි දැඩි ගන් කලු පුවතින්
රන් රැස් රේඛවෙක් විහිදෙන හැටි
දැකගනු රිසියෙන් බලා සිටිමු අපි
දල්වාගෙන කම්පිත වු නෙත් යුග

මෙම පද්‍ය පන්තියෙන් කියවෙන්නේ වෛද්‍යවරයා රෝගීයා පරික්ෂා කරන තුරැ දරැවන් ඇද වටා කන්දක් මෙන් නිසංසලව බලා සිටින අයුරැය. එය ඉහත කවි පන්තියේන් මනාව ප්‍රකට වෙයි.මෙම අවස්ථාවේ සියලු දෙනාම සිටින්නේ දොස්තර මහතා‍ ගෙන් පණිවිඩයක් අපෙක්ෂාවෙනි. එය අන්දකාරයට රන් රීදී රේඛවක් ඇති වෙවි යැයි අපේක්ෂාවෙනි. එහෙත් අවසානයේ සිදු වුයේ සියලු දෙනාගේම සිත් කම්පාවට පත් කරන සිදුවීමකි. “දොස්තර මහතා සෙමින් සෙමින් හිස ඔසවමින්” “දල්වගෙන කම්පිත වු නෙත් යුග” පඨයන් තුලින් පියාගේ මරණය සිදු වී ඇති බව කියයි.එම අවස්ථවේ දෙ‍ාස්තර දරැවන් දෙස බලා හිස පහතට හරවා ගනී. කියා ප්‍රකාශ කරයි එවිට පාඨකයාටද මරණය සිදුවු මොහතට ජීවකරණයෙන් ගෙන යයි.


අහස් ගැබ හෙන හඩින් ඇලළිණ
දෑස් කදුලින් මහ වැහි දිය
පතිත විය හඩ දෙමින් පොළවෙහි
අස්වස්සනට අදුරැ ලෝකය
පෑව්වා මල් වඩන් දේදුනු


මෙමගින් අවසානයේ තාත්තාගේ මරණය සිදුවීම ඉහත කවියෙන් මනාව ප්‍රකට කරයි. එය “අහස් ගැබ හෙන හඩින් ඇලළිනි කදුලින් මහා වැහිදිය” යනුවෙන් යෙදීම තුලින් දරැවන් ගේ සිත් තුල ඇති වු ශෝකය මනාව ප්‍රකට කරයි. එය ඉහත කවිය තුලින් වාග් චිත්‍රණය කර පෙන්වයි.

මෙ‍ම
විමල් දිසානායක කවියා ගේ පද්‍ය තුල ඇති විශේෂ ලක්ෂණ වන්නේ උපමා බස සරල බස්වහර ව්‍යං ගර්ථ බසත් සංකේත සංකල්ප රෑප තවද වීශේෂම ලක්ෂණය වන්නේ කවියා යනු තමා කියන දේ සෘජුවම කියන අයෙකු නොව එය පඨකයාට විදීමට ඉඩ සලස් වන්නෙකි. විමල් දිසානායක මහතා එය මනාව ප්‍රකට කරයි.

මේ අනුව තාත්තා ගේ මරණය පද්‍ය නිර්මාණය නිසදැස් අකෘතිය මත ගොඩකැගුනු සර්ථක නිර්මාණයක් ලෙස අගය කල හැක.

Sunday, September 13, 2009

තාත්තාගේ මරණය

තාත්තා ගේ මරණය කවිපංතිය රසවීදීම


කොළඔ යුගයේ අග භාගයේ කිවිඳුන් අතර අද්ව‍ීය ලේඛකයෙකු ලෙස විමල් දිසානායක කවියා හැදින්විය හැක. මෙතුමා විසින් නිර්මාණය කරන පද්‍යනිසදැස් කාව්‍ය පෝෂණය විෂයෙහි අපරිමිත සේවයක් ඉටුකරන ලදි. මෙතුමා විසින් රචනා කරන පද්‍ය වල දැකිය හැකි ලක්ෂණයක් වන්නේ සරළ සුගම බසත් ව්‍යංගාර්ථ බවත් සංකේත සංකල්ප රෑප මගින් ර‍ෑපකාර්ථ මැවීමත් . තවද මෙතුමා තම කව්‍ය සදහා ඉංග්‍රීසි කාව්‍ය සම්ප්‍රදායද ඇසුරැ කල බව ප්‍රකට ‍කරැණකි. මෙතුමා විසින් රචනා කරන ලද තවත් එක් කවිපංතියකි පහත සදහන් කවිපංතිය.

එම කවි පංතිය අපි මෙසේ රසවිදිමු


ගන අඳුරෙහි මැනිකක් සොයන ලෙස
තාත්තාගේ සිරුරෙහි
හුස්ම කළඳක්
කොහේ හරි සැඟවී ඇත්දැයි
සොයා බලන තුරු දොස්තර
බිය පත් වු නෙත් දල්වා
බලා සිටිමු නිහඩව අපි

මෙම පද්‍ය ඛණ්ඩය මගින් කියවෙන දේ කුමක් දැයි විමසා බලමු.

අසනීප වු තම පියා මිය ගිය අවස්ථ‍ාව හා කවියා ඊට මුහණ දෙන අන්දම කියනු පිණිස තාත්තාගේ මරණය නැමති නිර්මාණය මගින් ඉදිරිපත් කරයි.

තම පියා අසනිප වීමෙන් පසු රෝහලට ගෙනයන ලද බව හා රෝහලේදී ‍ෙවෙද්‍යවරයා විසින් පියාගේ ජීවිතය බෙරා ගැනීමට දරනා උත්සහය ‍හා එම උත්සහය අඩපන වන ආකාරයත්.දරුවන් ඇඳවටා බලා සිටියදීම තම පියා මියගිය අයුරු ප්‍රකට කරයි.කවියා කථකයා බවට පත්ව ලැබු අත්දැකිමක් ඉතාපත් සියුම් ලෙසවස්තු විෂය කරගනිමින් සංවේදී ලෙස සර්ථකව අප තුලටද මෙකී ශෝකාන්තය දැනෙන්නට ඉදිරිපත් කරයි පියාගේ මරණය යන්න සෘජුව කවියා නොකීවද සිදු වු අයුරැ මතු කරන සංකේත සංකල්ප රූප හා උපමා ආදී භාෂ‍ාවන් තුලින් අප තුල ජනිත වේ. දක්ෂ කවියා තමා කියන දේසෘජුව නොකියයි. එය පඨකය‍ාට විදගන්නට ඉඩ කඩ සැලසීම පමණක් කරයි.



දොස්තර මහතා විසින් තම පියගේ ජීවීතය ‍ෙබ්රා ගැනීමට දරනා උත්සහය ගන අඳුරෙහි මැනිකක් සොයනා ලෙස යන වැකිය මගින්
හා සොයාබලන තුරු දොස්තර යන වදන් තුලින්